Saturday, March 21, 2015

ඇරයුම් කරන්නෙ දෑස ඔබේ
තහනම් පෙමකට දෝ...
කියන්න ලන්වී මට රහසේ
ඔබ මට හිමි නැතිදෝ...

ආදරේ දුක් ගොඩක් නිසා
ඈතින් ඉන්නම් ඔයාව මට හිමි නොවන නිසා.....
ලෙන්ගතු වදනින් මා අමතා
සිතුවිලි අස්සෙම දවටෙන්නා...

ඉතින් කොහොම යන්නද මඟ හැරදා
ආදරේ කියනා ඔය ඇස්දෙක නොබලා....

ඔබ ගැන සිතමින් දිවිය පුරා
ආදර සිහිනය දෑසේ කඳුලින් බොඳ වෙනවා
සසර පුරුද්දට හමුවූ ඔය රුව ලං
මට හිමි නැති හින්දා....

ඉතින් කොහොම ඉන්නද ලංවීලා
ආදරේ කියනා ඔය අස් දෙක නොබලා...



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ.......
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා.......

පිනි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා.......

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා.......
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා.......

යළි කවදාවත් හමු නොවෙනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහාගන්නට නොහැකිය කිසිදින

ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර.......
ආයෙත් හඬන්න කඳුලක් උනන්න - ඇයි අපි මේ හමුවන්නේ
හිමිනැති ඔයාව හිතයට තියාන - දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජදහනේ - මං තාමත් මගේ තනි හීනෙ
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ - ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ.....

ආඩම්බර රුව දැකලා - සිත ආයෙත් උමතු වෙලා
සඟවන්නට බැහැ කිසිදා - පුංචි පෙම්වත් කතා
අපේම ලොවේදී අපි මුණගැසේවි - සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි - අපි ඈතයි සැමදා......

සදාතනික පෙම පතලා - තනිකඩ සිත මුලාවෙලා
ඇති නැති දුර දුරකතියා - සත්තමයි පෙම් කලා
අපේම ලොවේදී අපි මුණගැසේවි - සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි - අපි ඈතයි සැමදා......



ආදරේ පුදපු රත්තරන් හිතින්....
අද වෛර කරනු බැහැනෙ රත්තරන්......
ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින්....
මගෙ ඇස් පියවෙන තුරු පිච්චෙන්නම්.....

හැම මොහොතක් ගානේ ඔබ සිහිවෙනවානේ....
මා හඬවනවා හැම හැම රෑක
ඔබ ලඟ ඉන්නව සුවඳක් ලෙසම......

අපි දෙන්නට දෙන්නා පෙර පව්කළ හින්දා....
හදවත රිදවා ඇස් හඬවනවා

මේ කඳුලුත් දුක නොදන්න හින්දා......
අවාසනාවට රෝස මලක් පරවී
කඩා වැටෙන්නට උනු කඳුලක් වැලපේ...
දරාගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි.....

ලියා හසුන්පත් තැන තැන හන්ගාපු
ගලා බොදව යයි මේ ඇස් දෙකෙන් තෙමු....
වලාකුලට රැ සඳ නෑවිත් හිදපු
එකම දවස අද විතරද මගෙ දෙව්දූ......

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු
මහා යදම් බැඳ සිතුවිලි සිරකරපු ...
මගේ නැගණියක් ලෙසින් සිතා මතු
අවසර දෙන්නම් අපි හිත හදාගමු.....



අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ...
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමිකර ගනිමි ලඳේ...

බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අබියස ඔබ නෙළුම නොවේ...
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අබියස ඔබ සයුර නොවේ...

ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ...


අතීතයේ එක ලස්සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින්
සේපාලික මල් ඉහිරුණු පාරේ
මා තනි වෙන්නම් කඳුළු මැදින්...

ජිවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හට ඔබ රිදවනවා
සේපාලික මල් සුවඳ මැදින්...

සොඳුරු මගේ ආදර පැතුමන්
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූදා සෙනේහයෙන්...



අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ...

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ...
සිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ...

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...


අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ...
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ...
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න...

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව අවිලේවී...
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී...
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ...
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න...


වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී...
නිසල උනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි...
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ...
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න...


මේ ඉර හද යට හමුවී...ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය...
ළඟ පාතකවත් නෑ...
අද නුඹ කොතැනද 
අද මා කොතැනද...
දන්නේ නෑ නුඹ මටත් හොරා...
ජිවන මහ මග සටන් වැදී ඇත...
නාදුනනා පෙම්වතුන් වෙලා...
දැන හඳුනාගත් කාලේ ඉඳලා...
ලබැඳි දයාවෙන් සිටිය නිසා...
අප වෙනුවෙන් අප...
නමින් හෙලන්නට...
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා...
මේ ඉර හද යට හමුවී...ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය...
ළඟ පාතකවත් නෑ...