අවසර
නැත මට ඔබෙ අත ගන්නට
බැමි
බැඳ ඇත ලොව සතර දෙසේ...
එනමුදු
උපදින හැම බවයකදිම
මතු
ඔබ හිමිකර ගනිමි ලඳේ...
බඹරෙකු
වන්නට නොහැකිව ලතවෙන
මා
අබියස ඔබ නෙළුම නොවේ...
උල්පත
වන්නට නොහැකිව ලතවෙන
මා
අබියස ඔබ සයුර නොවේ...
ඔහු
රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම
මිස ඔබෙ සිහින ලොවේ
ඔබ
කැඳවන්නට ඔබ සතපන්නට
No comments:
Post a Comment